පො/නාගපොකුණ ක.වි

කලාප නර්තන තරඟාවලිය 2024

පාසලේ සංගීත ඒකකයට ආධාරැ පිණිස පොළක් පැවත්වීම. 2024.04.10 වන දින

slider.png
sider2.png
sider2.png
20240307_121454.jpg

   

විදුහල්පති පණිවිඩය

ආර්.එම්.එන්.එස්. රත්නායක

අඩ සියවසකට අධික ඉතිහාසයකට හිමිකම් ඇති උතුරුමැද පළාතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාගපොකුණ විද්‍යාලයීය විදුහල්පති වශයෙන් කටයුතු කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. ඒ ලෙසම මේ මොහොතේදී නාගපොකුණ විද්‍යාලයට නායකත්වය ලබාදුන් හිටපු ගෞරවණීය විදුහල්පතිවරුන් මෙන්ම ගුරු දෙමාපියන් ද ගෞරවයෙන් සිහිපත් කරමි.

    නාගපොකුණ විද්‍යාලයට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනගමින් උගත්, බුද්ධිමත් විශිෂ්ඨ පෞරුෂත්වයකින් හෙබි රටට දැයට වැඩදායී පුරවැසියන් බිහි කිරීම අපගේ ඒකායන අරමුණයි.

   එදිනෙදා තොරතුරු වලින් ඔබ්බට ගොස් නවමු ලෝකයට පිවිසෙන වත්මන් නාගපොකුණ දරු දැරියන් හට අනාගත තාක්ෂණික ලෝකයට පිවිසීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි ද, එම කාර්ය නිසි ලෙස ඉටු කිරීමට නාගපොකුණ වෙබ් අඩවි සංවර්ධන කමිටුවට හැකිවේවායි ද එක සිතින් ප්‍රාර්ථනා කරමි.

 

ආර්.එම්.එන්.එස්. රත්නායක
විදුහල්පති
නාගපොකුණ ක.වි..